ප්‍රධාන පිටුව > හලාල් යනු කුමක්ද?

හලාල් යනු කුමක්ද?

හලාල් යනු කුමක්ද?

හලාල්
හරාම්
අර්ථය
එය අරාබි වචනයක් වන අතර ඉස්ලාම් ධර්මයේ අවසර දී ඇති, හො අවසර දිය හැකි හෝ නීත්‍යානුකූල දේ වේ
එය අරාබි වචනයක් වන අතර එහි අර්ථය වන්නේ, නීති විරෝධී, තහනම් කරන ලද හා ඉස්ලාමයේ අවසර නැති දේවල් හෝ ක්‍රියාවන් වේ
ක්‍රියා
යහ ක්‍රියා
නරක ක්‍රියා
දේවල්
හලාල් ආහාර
හරාම් ආහාර




ඉහත විස්තර කර ඇති පරිදි, ඉස්ලාමීය දෘෂ්ටි කෝණයක් අනුව, හලාල් සහ හරාම් යන වචන දෙක මුස්ලිම්වරයෙකුගේ එදිනෙදා ජීවිතයේ සෑම අංශයකටම බලපාන ඉතා නිශ්චිත, මනාව අර්ථ දක්වා ඇති නිර්දේශ ද්විත්වයක් වෙයි. හලාල් සහ හරාම් නියෝග මගින් ආහාර සහ ආහාර නීති නියාමනය වෙයි. පරිභෝජනය කළ යුතු දේ සහ නොකළ යුතු දේ; වෙළඳ හා වාණිජ ආචාර ධර්ම ඇතුළු මූල්‍ය ගනුදෙනු; පිරිමි සහ ගැහැණු සඳහා ඇඳුම් පැළඳුම් නිර්දේශ; විවාහය, දරුකමට හදා ගැනීම, දේපළ උරුමය වැනි පවුල් සහ සමාජ සම්බන්ධතා කරුණු; සමාජ හැසිරීම, හැසිරීම සහ ආචාර ධර්ම යනාදිය මෙමගින් නියාමනය වෙයි. හලාල් (නීත්‍යානුකූල) සහ හරාම් (නීති විරෝධී) මූලධර්ම මුස්ලිම්වරුන්ගේ ජීවිතයේ සෑම අංශයක්ම පාලනය කරන හෙයින් එයට අදාළ නියෝග පිළිපැදීමට සවිඥාණිකව අනුගමනය කිරීමට ඔවුන් උත්සාහ දරති . ආහාර එදිනෙදා ජීවිතයේ වැදගත් අංගයක් වන බැවින්, ආහාර නීති විශේෂ වැදගත්කමක් දරයි. පහත දැක්වෙන කාණ්ඩයට අයත් හැරුණු විට බොහෝ දේ පරිභෝජනය කිරීම හලාල් වේ. මේවා පොදු ආහාර නිෂ්පාදනවල අතුලත් වී හැකිය:


  • Carrions-dead animals or animals improperly slaughtered
  • Hazardous, Poisonous and Harmful substances
  • Blood and all blood by-products
  • Pig and all its by-products
  • Carivorous animals and birds of prey and other certain animals
  • Alcoholic Beverages
  • Reptile, Rodents & Insects
  • Human Body parts